වෙනත් ලිපි

ඕම් ගැන ඕිං අහගන්න…

ලෞකික බවේ අනෙක් අන්තය වන්නේ ආධ්‍යාත්මික බව. ආධ්‍යාත්මික බවෙහි සන්ඛේතයකුත් තියෙයි. අපි ඒ ගැන කතා කරමු.

ඕම් ශබ්දය ගැන විවිධ මත අදහස් තියෙනවා. මේක හරි මේක වැරදියි කියන්න බැරි තරම් ඒ මත සහ අදහස් අපේ හිත ඇතුලේ තැන්පත් වෙලා තියෙනවා. 

අපි සමහර දේවල් ඉගෙන ගද්දි කලින් අපි ඉගෙන ගනිපු වැරදි දේවල් unlearn කරන්න වෙනවා. ඉතින් හිතල බලල තීරණය කරන්න.

ඕම් ගැන තියෙන මත වලින් මේක විශ්වයෙන් නැගෙන ශබ්ධය, විශ්වය නිර්මාණය වෙද්දී නැගුනු ශබ්ධය කියන අදහස් දෙක ඉස්සරහින් ඉන්නවා. මේ කතාව එක අතකට හරි. ඒත් අපි අල්ලගන්නේ හැමතිස්සෙම වැරදි තැනින්. ඒ නිසා අපිට එන්නේ වැරදි අදහසක්.

මේක මෙහෙම තේරුම් ගමු.

අපි හැමෝම කතා කරද්දී, පෙනහළු වල ඉඳන් එන හුලන් පාරක්, ස්වාරනාලය තුලින් ඇවිත්, එතන ඉඳන් තොල් වෙනකන් තියෙන හැම  මාංශ පේශියකම වැදිලා, ගැටිලා ඒ එන හුලන් පාර නවත්තලා, ත්‍රීව කරලා නැත්නම් අඩු කරලා තමයි අවසානයේ අපේ කටින් ශබ්ධයක් බිහි වෙන්නේ.

අපේ පාවිච්චි කරන ශබ්ද මුලික 60 හැදෙන්නේ අර හුලන් පාර 60 විදියකට කට ඇතුලෙන් වෙනස් කරලා.

තාලුජ, දන්තජ වගේ නම් අහල ඇති. දත් වලින් ඒ ශබ්දය හැඩ කරන ඒවා දන්තජ. තල්ලෙන් තාලුජ. ඔහොම ඔහොම ක්‍රම ගොඩක් තියෙයි.

ඉතින් මේ ශබ්ද 60 ආයෙත් එකිනෙක එක්ක එකතු වෙලා තව ශබ්ද හැදෙනවා. මුලික ශබ්ද 60 කියන්නේ සිංහල හෝඩියේ අකුරු 60.
ස්වර සහ ව්‍යංජන. 

ආයෙත් ස්වර සහ ව්‍යංජන එකතු වෙලා ශබ්ද හැදෙනවා. ඔ කියන ස්වරයයි ක්  කියන ව්‍යන්ජනයයි එකතු වෙලා “කො” කියන ශබ්දය හැදෙනවා. එතකොට මේකේ කෙළවරක් නැතුව ඕනේ තරම් ශබ්ද හැදෙන බව තේරෙනවනේ.

හැබැයි මේ ඔක්කොම පටන් ගත්තේ එන නිකන්ම නිකන් හුලන් පාරකින්. එකේ කිසි සද්දයක් නෑ. සද්දේ හැදුනේ එක එක තැන වල ගැටීමෙන්.

ඉතින් මෙන්න මේක තේරෙනවා නම් ඕම් තේරුම් ගන්න අමාරු නෑ.

අපි දැන් “ඕම්” කිව්වට ඇත්තටම මේක “ඕම්” කියල නෙමෙයි ශබ්ද වෙන්නේ. ඒක දිග කතාවක්. සරලව මෙහෙම ගමු. අපි සිංහලෙන් ඕම් කියල ලියද්දි ඕ අකුරයි ම් අකුරයි ලියනවා. සංස්කෘතෙන් නුත් එහෙමම අකුරු දෙකෙන් ලියන්න පුළුවන්. එහෙනම් ඇයි “ඕම්” කියන ශබ්දයට වෙනම අකුරක් දෙන්නේ සංස්කෘතෙන්? මේක තේරෙනවා නම් ඕම් තේරෙනවා. අපි මේ උච්චාරණය කරන ඕ සහ ම් වැරදියි. ඒ නිසා අපිට ඇත්තම ඕම් තේරෙන්නෙත්  නෑ.

උච්චාරණය මේකයි කියල ලියල පෙන්නන්න බෑ. හැබැයි තේරුම් ගන්න මෙහෙම කියන්න පුළුවන්. ඕම් කියන්නේ පෙනහල්ලෙන් එන හුලන් පාර ස්වරනාලයේ ගැටිලා නැගෙන ශබ්දය. ඒක ආයෙත් වෙන කොහෙවත් ගැටෙන්නේ නෑ තොල් වෙනකන් තියෙන කිසිම පේශියක. අන්න ඒ ශබ්දයයි ඕම්. හැබැයි අපි දැන් මේ කියන ඕ ම් නම් එහෙම වෙන්නේ නෑ. ම් කියද්දී ම තොල් දෙක වැහෙනවා. ඒකයි කිව්වේ ඕම් කියන උච්චාරණය වැරදියි කියලා. 

ඉතින් ඕම් සහ විශ්වය අතර තියෙන සම්බන්ධෙ ගැන වෙනම කතා කරමු. 
ඔබ අහලා ඇති ඕනෙම මන්තරයක් කියද්දී පටන් ගන්නේ ඕම් යනුවෙන්.
එයට හේතුව මන්ත්‍ර යනු ශබ්ද විද්‍යාවයි. ශබ්දයෙන් බලපෑම් කිරීම මන්ත්‍ර මගින් සිද්ධ වෙනවා. ඒකට නිවැරිදි උච්ඡාරණය තිබිය යුතුයි. නිවැරිදි උච්ඡාරණය නොකර නිකන් පද පේලියක් මන්තරයක් වන්නේ නෑ.
ඒ නිසා සියල්ලම ඇති ඕම් වලින් පටන් ගන්නේ එය නිවැරිදිව උච්ඡාරණය සඳහායි.
ශබ්ද විද්‍යාව ගැන අපි රාවණා ඉතිහාසය එක්ක කොතෙකුත් අහලා තියෙනවා.
ඕම් සමගම තවත් ලිපියක් මීට සම්බන්ධ කරමින් ඵල කිරීමට අදහස් කරනවා. එය රාවණා ඉතිහාසය සමග එතරම් ම සම්බන්ධයක් නොමැති වුවත් යම් ආකාරයක වැදගත්කමක් තිබෙන්නට ඉඩ තියෙන නිසා.


#ධනුකතේනුවර #ඕම් #විශ්වය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Design a site like this with WordPress.com
Get started