About

රාක්ෂාලෝකනය වට්ස් ඇප් සමූහයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.

සියලු හිමිකම් ඇවිරිණි.2020©

රාක්ෂාවලෝකනය

සුවිශිෂ්ට වූත් පරම ගම්භීර වූත් ඉතිහාසයක් ජන්මයෙන්ම උරුම වූ ඔබ අප සියල්ලන් ලංකා මාතාවගේ සුජාත දූ පුතුන් ලෙස සාඩම්බරණීයාකාරයෙන් අභිෂේකලත්තෝ වන්නෙමු.ඒ ස්ව චිත්ත පරියාය නම් වූ අභිෂේක මණ්ඩපය මතදීය.
එසේ සිදු වී ඇත්තේ අහේතුකව නොවන බව ඔබ අවබෝධ කරගත යුතුය.සාතිශය බහුතරය ක් වූ නූතනික ප්‍රජාව වයස් භේදයකින් තොරව අසභ්‍යත්වයම සෙවීමේ කාලකණ්ණි  පිපාසාවකින් පෙළෙද්දී, ඔබ අප පමණක් මහා ශිෂ්ටාචාරගත සංස්කෘතියක සභ්‍යත්වය මතු කර ගැනීමේ සිහිනය දිවා රෑ දකින්නේ නිකමට යැයි ඔබ සිතනවාද?
නැත….
අනාරාධිතව ලෝකගත වූ සහසක් දෙනා අතරේ ආරාධිත ජීවීන් වශයෙන් හෙළ ජනනිය මත උප්පත්තිය කතාව ලියැවුණු අප හට සිදු කිරීමට ඇති කාර්‍යභාරය සුලුපටු නොවේ.විශ්වයේ ඉතා සුවිශේෂී තලයක සිට මේ මහා පෘථිවි තලය ට මනුෂ්‍ය කුසකින් පැමිණ අප එළිය දුටුවේ අඛණ්ඩ හෙළ දේශයක් නිර්මාණය කරමින් සමස්ත ලෝක සත්ත්වයාටම ශ්‍රී සද්ධර්මයේ උතුම් රැකවරණය සලසා දීමේ අනවරත අරගලයට පණ  පෙවීමටය.
සූර්ය වංශෝද්භූත මනු වංශාභිජාත රාවණ රුහිරු උරුමක්කාර අප සියල්ලන් ඒ මහා ශුද්ධ යුද්ධයට මහමුනි ගෞතම බුද්ධ රාජේන්ද්‍රයාණන්ගේ ශ්‍රී නාමයෙන් එකතු වීමට දැන් කාලය එළඹ තිබේ.
එහි දී අපගේ මූලිකතම පියවර නම් වැලලීගිය හෙළ සත්‍යය ඉතිහාසය යලි ගොඩ ගෙන,හෙළ ජාතියට සුජාතකවත් උප්පැන්න සහතිකයක් හිමි කර දීමය.මේ කර්තව්‍ය භූමිය මත යථාර්ථයක් කරලීම උදෙසා මේ වන විටත් අනාගත වැඩසටහන් ගණනාවකම සැලසුම් අප සකස් කොට අවසන් ය.එහෙයින් කිරීමට ඇති දෑ බොහෝය.ඒවායේ වැඩි විස්තර නුදුරේදීම ඔබ වෙත සන්නිවේදන කරන්නෙමු.
ශක්තිය එකතු වීමයි….
සියලු වාද බේද හැරදමා….
යක්ඛ,රක්ඛ,නාග,දේව සිව් හෙළයම යළි ඒකච්ඡත්‍ර වීමයි….!!!
පරාදීනත්වයේ අදුරු බව පලවා හැර ස්වාධීනත්වයේ සොදුරු අලෝක ධාරාව අප උපන් හෙළබිම මත පතිත වනු ඇත්තේ එවිට ය.
“රාමායණය” නම් වූ භාරතීය වීර කාව්‍ය මතින් සගවා දැමූ හෙළයේ අසහාය  විරුවාණන්ගේ යළි නැගීසිටීමට අවශ්‍ය පසුබිම සැකසීම පරමාරම්මණය කොට ගත් ” රාක්ශාවලෝකනය” මේ සියල්ල උදෙසායි…!!!!

         තෙරුවන් සරණයි !
                 ජය ශ්‍රී !

Design a site like this with WordPress.com
Get started